Wednesday, February 22, 2012

මිහිතලය එක පැහැර වනසන වස විස පිටුදකිමු

”ආහාරය මිනිස් පැවැත්මේ මෙන් ම ආදීනත්වයේ සහ චිරස්තායි පැවැත්මේ කේන්ද්‍රය ද වේ. එය යම් ව්‍යාපාරික බලවේගයක ලාභ ඉපැයීමේ මාර්ගයක් වන්නට ඉඩදිය යුතු නො වේ. එ සේ ම පාරම්පරික හා දේශීය තිරසර ගොවිතැන් ක‍්‍රම හා විධි මෙන් ම ජෛ විවිධත්වය රැුක ගැනීම ද අත්‍යාවශ්‍ය වේ.” 1996 දී ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දකුණු ආසියාතික ප‍්‍රකාශය මඟින් පිළිබිඹු කරන ආහාර පිළිබඳ වූ අත්නොහල යුතු මූලධර්ම කිහිපයක් පෙන්වා දී ඇත. ඒවානම් ආහාර මිනිස් පැවැත්මේ කේන්ද්‍රය වන බව හා මානව ඉතිහාසයෙන් වැඩිම කාලයක් ආහාර සැපැයීම යනු ව්‍යාපාරික හෝ ලාභ ඉපයීමේ මාර්ගයක් නො වූ බව ය. එලෙසින් ම ආහාර නිපදවීම සඳහා සොබාදහම තිරසර ක‍්‍රමවේද හඳුන්වාදී තිබෙන අතර ම සොබාදහමින් අනුහස හඳුනාගත් පාරම්පරික දේශීය දැනුම් පද්ධතියක් ලොවපුරා විසිර තිබූ බව ය. තව ද පෘථීවියේ සත්ත්ව සන්තතියෙන් එක් ජීවියකු වන මිනිසා ගේ ආහාර අවශ්‍යතාවය සඳහා සමස්ත ජෛව පද්ධතිය කෙලෙසා දැමීමේ සාධාරණීකරණය කළ අයිතිය සොබාදහම මඟින් කිසිදා ජෛව කණ්ඩායමකට පවරා නොමැති බවත් ය.
ලොවට ම ආදර්ශයක් ගත හැකි ඉහත ප‍්‍රතිඥාව අවම වශයෙන් ප‍්‍රකාශයට පත් කළ දකුණු ආසියාතික රටක ක‍්‍රියාවට නගා ඇති බවට සලකුණක් තබා ඇති බවක් හෝ පෙනෙන්නට නැත. ලෝකය පුරා ආහාර නිෂ්පාදනයේ දීත් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ දීත් බහුල වශයෙන් වස විස යොදා ගන්නා කලාපයක් ලෙස දකුණු ආසියාව පෙරට එමින් සිටීම පමණක් දැක ගත හැකි ය. එහෙත් කලාපයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දකුණු ආසියාතික ප‍්‍රකාශයට අනුව ක‍්‍රියා කිරීමට වෙර දරන සිවිල් සමාජ උත්සාහයන් බහුල වෙමින් පැවැතීම විශේෂ කොට සැලැකිය යුතු ය. මේ උත්සාහයන් ලොව පුරා ක‍්‍රියාත්මක පළිබෝධනාශක පිළිබඳ ක‍්‍රියාකාරී ජාත්‍යන්තරය :ඡුැිඑසජසාැ ්ජඑසදබ භැඑඅදරන - ඡු්භ* හා වස විසට එරෙහි සෙසු සංවිධාන සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. එය ආහාර මත හලා දමනු ලබන වස විසට එරෙහිව ද මානව සමජය හා පරිසර පද්ධති වස විස මඟින් අගතියේ හෙලීමට එරෙහිව ද ඒ සඳහා විකල්ප ඉදිරිපත් කරමින් ද ක‍්‍රියාකාරීව සිටී. මේ ක‍්‍රියාකාරී ජාලය පළිබෝධනාශක විරෝධී ජගත් දිනයක් ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව දෙසැම්බර් 03 වන දින ලොවපුරා රටවල් 90 ක රාජ්‍ය නොවන සංවිධාන හා ප‍්‍රජා සංවිධාන 600 කට වැඩි ප‍්‍රමාණයක් වස විසෙන් මානව ප‍්‍රජාව අනතුරේ හෙලීමට එරෙහිවත් පළිබෝධනාශක හේතුවෙන් රෝගාබාධයන්ට ලක් වූවන් සැමරීමක්, තිරසර කාර්මික හා කෘෂිකාර්මික ක‍්‍රියාවලියක් උදෙසාත් ඉහත දිනය නිමිති කර ගෙන ලොවපුරා හඬනඟනු ලබයි.

වස විස විරෝධී දිනයේ පසුබිම
ලොව මෙතෙක් සිදු වූ දරුණු ම හානිකරම රසායන හා කර්මාන්ත අනතුර 1984 දී ඉන්දියාවේ බෝපාල් හි යුනියන් කාබයිඞ් :ඹබසදබ ක්‍්රඉසාැ* සමාගමේ නිෂ්පාදනාගාරය පුපුරා යාමයි. එම කර්මාන්ත අනතුරෙන් බෝපාල් හි වා තලයට මුදා හැරුණු මෙතිල් වායුව :ඵැඑයහක ෂිදජහ්බ්එැ* පැය 24 ක් තුළ විසි දහසක් මරු තුරුලට යවා පන්ලක්ෂයකට අධික ජනතාවක් සදාකාලික රෝගීන් බවට පත් කළ හ. මානව වර්ගයා ගේ උන්නතිය උදෙසා යන මිත්‍යාව වපුරවමින් කෘතිම වස විස තනමින් සිටි එක් සමාගමකින් මෙතරම් පිරිසක් අනතුරට පත් වීම ලොවපුරා රටවල දෑස් ඇරවීමට සමත් වූහ. තවදුරටත් කෘතිම වස විස නිෂ්පාදනය මානවයා ගේ ප‍්‍රගමනයට නො ව අගතියට හේතු වන බවත් සමස්ත ජෛව පද්ධතිය ම අනතුරකට ලක් කිරීම පමණක් සිදුවන බවත් කුසගිනි නිවීම හා ආර්ථික යහපත් කිරීමට මුවා වී ලාභ හා බලය උදෙසා සිදු කරන මෙවැනි අත්තනෝමතික ක‍්‍රියාවලින් බැහැර වීමට කාලය එළඹ ඇති බව ලොව හමුවේ කියා සිටීමට ජාත්‍යන්තර ව තීරක බලය හිමි එක්සත් ජාතීන් හෝ ඊට අනුබද්ධ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය :ත්‍්ධ* ලෝක සෞඛ්‍ය සංවිධානය :උ්‍යධ* වැනි ආයතන කිසිවක් ඉදිරිපත් නො වූ පසු බිමක පළිබෝධනාශක විරෝධී ජාත්‍යන්තර ක‍්‍රියාකාරී ජාලය බෝපාල් සිදුවීම පදනම් කර ගෙන 1998 දෙසැම්බර් 03 දින සිට වාර්ෂික ව සමස්ත ජෛව පද්ධතියේ හිත සුව පිණිස වන දිනය ලෙස වස විස විරෝධී දිනය සමරනු ලබනවා. ඹභල ත්‍්ධල උ්‍යධල උඔධ ජාත්‍යන්තර ආයතන මඟින් ප‍්‍රකාශයට පත් කළ ලොවපුරා ක‍්‍රියාත්මක වීමට පසුබිම සකස් කර දිය යුතු ව තිබූ මේ දිනය ලොවපුරා ප‍්‍රජා සංවිධාන ජාලය මඟින් සමරනු ලැබීමත්, ඒ සඳහා ක‍්‍රියාකාරී වීමත්, ප‍්‍රශංසනීය කටයුත්තකි. අප සැවොම ඒ සඳහා එක් විය යුත්තේ ද මේ දිනයේ පරම අභිලාශය මනාව හා ජෛව සමාජයේ අනාගතය සුරක්ෂිත කිරීමට වන බැවිනි.
වස විස පිටු දැකිය යුත්තේ ඇයි
දෙවන ලෝක යුධ සංග‍්‍රාමයේ දී අමානුෂීය යුධමය කටයුතු සඳහා භාවිත කළ රසායනික නිෂ්පාදන පසු කලෙක කෘෂිකර්මය සඳහා ප‍්‍රකාශිත ලෝක සැලැස්මේ (හරිත විප්ලවයේ* ප‍්‍රතිපාදනයන්ට අනුව, බලවත් රටවල හා බහුජාතික සමාගම්වල ආර්ථික උපාය මාර්ගයන් මුසු ව කුසගිනි නිවීමේ විප්ලවය නමින්  ගොවිතැනට ඇතුළත් කරන ලදි. මේ කෘතිම රසායන කෘෂිකර්මාන්තය තුළ අදහාගත නොහැකි ක්ෂණික වෙනසක් කළ බව ද සැබෑවකි. එහෙත් එම විප්ලවයට අද ජාත්‍යන්තර විරෝධී දිනයක් හා සතියක් ප‍්‍රකාශයට පත් ව ඇත්තේ මන්ද? පළිබෝධනාශක හා කෘතිම රසායන භාවිතයට එරෙහිව ලෝක ජන මතයන් ගොඩනැෙඟමින් පැවැතීමට හේතු කවරේ ද?
ලොව භාවිතා වන කෘතිම වස විස නිෂ්පාදනයේ ස්වභාවය හා සංයෝගයේ ස්වභාවය අනුව ප‍්‍රධාන කාණ්ඩ තුනකි.
- ක්ලෝරීන් අඩංගු කාබනික සංයෝග
- පොස්පරස් අඩංගු කාබනික සංයෝග
- කාබනේට් සංයෝග
මේ කාණ්ඩවලට අයත් විවිධ වර්ග, විවිධ වෙළෙඳ නාම යටතේ අප ගොවිතැනේ දීත් ගෘහස්තවත් බොහෝ කාර්යවල දී භාවිත කරනු ලබයි. භාවිත කර අපේක්ෂිත ප‍්‍රතිඵල ලබා ගැනුන ද ඉන් අනතුරු සිදු විය හැකි අවදානමක් හෝ උපද්‍රවයක් මේ කෘතිම රසායන භාවිතයෙන් සිදු වන්නේ ද? එවැනි අත්දැකීම් ලොව කොතැනක දී හෝ සිදු ව ඇත් ද යන්න අප විමසා නොබලයි.
කෘතිම වස විස කාණ්ඩ අතරෙන් ක්ලෝරීන් අඩංගු කාබනික සංයෝග ඇසුරෙහි නිපදවෙන ඒවා දරුණු ම ගණයට අයත් වේ. ඒවා වහා වියෝජනය නොවෙයි. ෘෘඔල ඊ්‍යීල හෙප්ටා ක්ලෝරො ඇල්ඩි‍්‍රන් හා ඩිඇල්ඩි‍්‍රන් මේ ගණයට අයත් ය. මේවා දිගුකල් පවතින රසායනික ¥ෂක ලැයිස්තුවේ ඉහළින් ම සිටින රසායන වේ. කාබන් විකිරණ පරීක්ෂණ මඟින් තහවුරු කර ඇත්තේ මේ සංයෝග වසර 12 කට වැඩි කාලයක් වියෝජනය නො වී ආහාර දාම ඔස්සේ සංසරණය වෙමින් හානි පමුණු වන බව යි. ඉහත කාණ්ඩ තුනට අයත් විවිධ වෙළෙඳනාම යටතේ වෙළෙඳපොලට එන වල්නාශක, කෘමිනාශක, දිලීරනාශක, බැක්ටීරියානාශක, වට පණු නාශක හා ඇකරි නාශක සාන්ද්‍ර කිලෝග්?ම් 70,000 ක් වසරකට ලංකාවට ආනයනය කරයි. මේ සාන්ද්‍ර  තණුක කොට ලීටර් දස දහස් ගණනක් අපේ ගොවි බිම් මත හෙලනු ලබයි. මෙලෙස භවබෝග මතට හෙලන වස දෙයාකාරයකින් අප වෙතට එයි. ශාක පත‍්‍ර, පූටිකා, මූල මණ්ඩලය හා ආවරණ පොත්තෙන් ගසේ පත‍්‍ර, මල් හා ඵල දක්වා ගබඩා වන පරිසර්පන (සංස්ථානික* වස අපේ ආහාර හරහා නියත වශයෙන් ම ශරීරගත වෙයි. ස්පර්ෂ වස ශාක මතුපිට රැුදී තිබී සේ දී යෑම හෝ ඉවත්ව යාමක් සිදු විය හැකි වුවත් ක්ලෝරීන් අඩංගු කාබනික සංයෝගවලින් තැනූ වස ස්පර්ෂ වස ලෙස අපේ ආහාර මඟින් ශරීරගත විය හැකි ය. මේ ආකාර දෙකෙන් ම හැටේ දශකයේ සිට ලාංකිකයන් වෙත වස විස කර ඇති බලපෑම් අතිමහත් ය.
දිවයින පුරා අහබු ලෙස රැුස් කර ගන්නා ලද මව් කිරි නියැදි සංඛ්‍යාවෙන් 19.5% ක් ෘෘඔ අවශේෂ ද, 43.2% ක් ඊ්‍යක්‍ අවශේෂ ද, 27% ක ඩිඇල්ඩි‍්‍රන් අවශේෂ ද අඩංගුව තිබූ බව විද්‍යාභිවර්ධන සංගමය සිදු කළ පර්යේෂණයකින් හෙලි වී ඇත.
ලංකාවේ ඉහළ ම කෘෂි රසායන භාවිතයක් ඇති නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මවු කිරිවල ප‍්‍රතිශතයක් ලෙස  ෘෘඔ කොටස් 0.59 වාර්තා වී ඇත. මේ ඔස්සේ අලූත් දරු පරපුර ද උපතේ දී ම වස විසට ගොදුරු වී ඇත.
- දිවයින පුරා එළවළු හා පලතුරු නියැදි ගෙන පරීක්ෂා කිරීමේ දී ඒවායින් 61% ක් ෘෘඔ ද, 43% ක් ඊ්‍යක්‍ ද, 28% ක් ඞීඇල්ඞී‍්‍රන් ද, 13% හෙප්ටා ක්ලෝරීන් හා 25% ක් එන්ඩොසල්ෆාන් ද අඩංගු ව ඇති බව තහවුරු වී ඇත.  
- යුදමය පසුබිම පවතිද්දී පවා යාපනය දිස්ත‍්‍රික්කය තුළ වවන ලද එළවළු හා පලතුරු නියැදිවලින් 73% ක් ඊ්‍යක්‍ හා 53% ක් ෘෘඔ වන තරමේ ඉහළ අගයන් ගෙන් වාර්තා විය.
- දිවයින පුරා සියලූ ප‍්‍රදේශවලින් ලබාගත් එළවළු, පලතුරු නියැදි ආශ‍්‍රයෙන් සිදු කළ පර්යේෂණ කියා සිටින්නේ 61% ක් ෘෘඔ ද, 43% ක් ඊ්‍යක්‍ ද, 28% ක් ඩිඇල්ඩි‍්‍රන් ද, 6% ක් එන්ඩි‍්‍රන් ද, 13% ක් හෙප්ටා ක්ලෝර් සහ 25% ක් එන්ඩොසල්ෆාන් යන දිගුකල් පවතින වස විස අන්තර්ගත ව ඇති බව යි.
- රජරට ප‍්‍රදේශයේ 14% ජනතාවක් පූර්ණ වකුගඩු අකර්මණ්‍යතාවයට පත් ව ඇති අතර, රජරටම සමහර ප‍්‍රදේශවල ජගහනයෙන් 20% කට වැඩි පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු ව ඇත. වාර්ෂික ව දැනට සොයා ගෙන ඇති කෘෂි රසායන භාවිතය හේතුවෙන් ඇති වන වකුගඩු රෝගයෙන් වාර්ෂික ව 250 කට වැඩි පිරිසක් රජරට පමණක් මිය යයි. මේ බව ප‍්‍රකාශ කරන්නේ උතුරු මැද පලාත් සභා කෘෂිකර්ම ඇමතිවරයා යි.
- නොවැම්බර් 28 වැනිදා කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඞී.ටී.බී. විජේරත්න මහතා පවසන්නේ පලතුරු කෘතිම ව ඉදවීමට භාවිත කරන කාබයිඞ්වල ආසනික් අඩංගු බැවින් එවැනි පලතුරු පරිභෝජනයෙන් වලකින ලෙස යි.
- රජරට වකුගඩු රෝගයට ඍජුව ම ආසනික් විෂ වීම බලපා ඇති බව අධිකරණ විද්‍යාවේ හා වෝහාරික වෛද්‍ය විද්‍යාවේ ලොව සිටින ප‍්‍රාමාණික විද්වතෙක් වන වෛද්‍ය ඩුවැටේ චියේරා ගේ ද නිගමනය යි. මෙමඟින් කැලණිය විශ්වවිද්‍යාලය සිදු කළ පර්යේෂණ නිගමනය තහවුරු කිරීමක් ද සිදු කර ඇත.
- ගෙවතු වගාවට, නිවෙස්වල විසිතුරු ශාක සඳහා මෙන් ම මදුරුවන්, කැරපොත්තන්, මැඬියන් පලවා හැරීමට ගෘහස්ථ ව භාවිත කරන විවිධ වෙළඳ නාම යටතේ එන ඔගැනෝ පොස්පරස්, ක්ලෝරොෆයිරි ෆෝස්, මැලතියන්, සයිගොන්, කාබරිල් හා ක්ලෝරොඬේන් මඟින් ලියුකේමියා රෝගය ඇති කිරීම හේතුකාරක වන බව හා ජී 450 එන්සයිමය සක‍්‍රීයවීම හා පිළිකා ඇති වීමට ද ගෘහස්ථ පළිබෝධනාශක ඉතා කිට්ටු සබඳතාවයක් දැක්වන බව සොයා ගෙන ඇත.
-
වස විස පිටු දැකීම ශ‍්‍රී ලංකාවේ අභියෝගයක්
ලෝක ඉතිහාසයෙන් දශක පහක් පමණ වන ඉතා ම කෙටි කාලයක් තුළ කෘතිම විෂ රසායන භාවිතය මඟින් මානව සංහතියට හා සමස්ත ජෛව පද්ධතියට සිදු කර ඇති අතවරය ලොව පෙලෙන්නා වූ ප‍්‍රධාන ම ව්‍යවසනයකි. ත‍්‍රස්තවාදයට, යුද්ධයට හෝ වෙනත් ව්‍යවසනයක බොහෝ සෙයින් වනසා දැමිය හැකි වන්නේ පවතින දෑ වුවත් වස විස උවදුරට අතීතය, වර්තමානය හා අනාගතය එක ලෙස වනසා දැමිය හැකි ය. විශේෂයෙන් ම බරපතල ලෙස අනාගතය විනාශ මුඛයට යොමු කිරීමට කෘතිම වස විසට හැකියාව ලැබී ඇත. මේ පිළිබඳ ව ලෝකය පුරා දැඩි අවදානය පසුගිය දශකය පුරාම පැවැතීම මඟින් ව්‍යවසනයේ සැර බාල කර ගැනීමට හැකියාව ලැබී ඇතත් වස විස මාෆියාව මෙහෙයවන බහුජාතික සමාගම්වල මුදල් හා බලය මඟින් මේ අගතිගාමී පියවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටී.
ලංකාව තුළ වස විස පිටු දැකීමේ ක‍්‍රියාමාර්ගවල තත්ත්වය ද සතුටුදායක කර ගැනීම සඳහා වන අභියෝගයක් අප මත පැට වී ඇත. මන්ද වස විස මාෆියාවට එරෙහි ව කටයුතු කිරීමට රජයට ද ශක්තියක් නැති බව පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කල රජරට වකුගඩු රෝගයට හේතු කාරකය කෘෂි රසායන බවට නිර්දේශ කළ පර්යේෂණ සමඟ ආණුඩුව හා ජනමාධ්‍ය ක‍්‍රියා කළ ආකාරය මැනවින් කියා පෑමයි. එසේ නම් ජාතික උවදුරක් ලෙස සලකා ජනතාව දැනුම්වත් ව සංවිධානය වීම දැඩි අවශ්‍යතාවයකි. ලෝකයපුරා පළිබෝධනාශක විරෝධී ජාත්‍යන්තර ජාලය සක‍්‍රිය ව මැදහත් වන පසුබිමක ලංකාව තුළ උණුසුම් ව ඇති පර්යේෂණ කණ්ඩායමේ හා සංවිධාන වස විසට එරෙහි ව ක‍්‍රියා කිරීමේ දී තීරක ක‍්‍රියාමාර්ගවලට එළැඹිය යුතු ව ඇත. ගොවි ජනතාව ද තමන් ගේ නියම වාරය පැමිණ ඇති බව අවබෝධ කර ගත යුතු ය. මන්ද ලංකාව තුළ අධි හානිකර පැරකොට් භාවිතය තහනම් කිරීමට පළිබෝධනාශක පිළිබඳ තාක්ෂණික උපදේශක කමිටුව 2007 නොවැම්බර් 09 වන දින නිර්දේශ නිකුත් කළ ද කූට සමාගම්වල බලපෑමට යටත් ව කෘෂිකර්ම අමාත්‍යංශය එම තහනම් කිරීම වසර 05 ක් තිස්සේ කර අරිමින් සිටී. සිංජෙන්ටා සමාගම නිෂ්පාදනය කරන පැරකොට් එහි මූලාරම්භක රට වන ස්විස්ටර්ලන්තයේ දී පවා භාවිතය තහනම් කර දිගු කාලයකි. ලොව කුමන රටකවත් ආසනික්, රසදිය හා සයනයිඞ් භාවිතයට අවම සීමා පනවා නොමැති අතර ඒ මුළුමනින් ම පිටු දැකීමට ක‍්‍රියා කර ගෙන යයි. එහෙත් ලංකාවේ දීන ප‍්‍රතිපත්ති සම්පාදකයින් සැරසෙන්නේ මහත් ව්‍යවසනයක් සිදුව ඇතත් බහුජාතික සමාගම්වල මුදල්වලට ගිජුව ආසනික් ඇතුළු තහනම් වස විසට අවම සීමාවක් පණවා රටේ ජනතාවට වස කැවීමට යි. ආසනික් කුමන පරිමාවක් වුව ද මිනිසාට අහිතකර බව දැන දැන ම මෙවැනි මානව විරෝධී ක‍්‍රියා අනුගමනය කිරීම පිටු පස පැහැදිලි ව ම අදිසි හස්තයන් ක‍්‍රියාත්ම වන බව සත්‍යයකි.
එසේ නම් වගකීම ඇත්තේ ජනතාව අත ය. වස විසෙන් අත්මිදීමට කටයුතු කළ යුතු ව ඇත්තේ ගොවියන් හා පාරිභෝගිකයන් ය. ගොවියන්ට පරිසර හිතකාමී සොබාදහම් ගොවිකම හා කාබනික ගොවිතැනට නැඹුරු විය හැකි අතර පාරිභෝගිකයින් වස විස නොයෙ¥ ආහාර වෙළඳපොලේදී ඉල්ලා සිටිය යුතුය කෘතිම රසායන නිවස තුල දී භාවිතය අත්හැර දා පලිබෝධ පාලනය පිලිබද සාම්ප‍්‍රදායික දේශීය දැනුම සොයා යා යුතුය. වස විස පිටු දැකීමට සක‍්‍රීය දායකත්වයක් දක්වන පුද්ගලයන් හා ආයතන සඳහා තම සහයෝගය පල කිරීමට පෙල ගැසීම තම ජීවිතය හා දරුවන් ගේ අනාගතය සුබවාදී කර ගැනීම සඳහා කරනු ලබන දායකත්වයක් ලෙස සිතිය යුතු ය. නැතිනම් හැකිතාක් ජාතියට වස කවා වනසා දමනතුරු නිසොල්මන් ව සිටිය යුතු ය. කෘතිම පළිබෝධනාශක හේතුවෙන් ආබාධයන්ට ලක් වුවත් සමරමින් වස විසට එරෙහි වන දිනය දා විමසා බලා ඔබ නිවැරැුදි මාර්ගය තෝරාගත යුතු ව ඇත. අවම වශයෙන් වස විසට එරෙහි ව මෙතරම් මහජන හඬක් නැෙඟන්නේ ඇයි ද යන්න පිළිබඳ ව අවධානයෙන්වත් සිටිය යුතු ව ඇත.

බන්දුල රුක්ෂාන් බැබරැුන්ද

No comments:

Post a Comment