Wednesday, February 22, 2012
ආහාර සුරක්ෂිතතාව හා ස්වෛරීත්වය බිලිගත් රටක තවත් ආහාර දිනයක්
එක්සත් ජාතීන් ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වූ කලී (Food Agriculture Organization) 1945 ඔක්තෝබර් 16 වනදා ක්ව්බෙන් නගරයේ දී රටවල් 44 ක නියෝජිතයන් සමඟ නිල ආරම්භය සනිටුහන් කළ සංවිධානය යි. ලෝක ආහාර දිනය 1979 දී පවත්වන ලද 20 වන සමුළුවේ දී හංගේරියාවේ හිටපු ආහාර හා කෘෂිකර්ම ඇමතිවරයා වූ ආචාර්ය පෝල් රොමානි (Dr. Pal Romany) ගේ ප්රමුඛ කාර්ය භාරය යටතේ ගනු ලැබූ තීන්දුවකි. ඒ අනුව ලෝකය පුරා කුසගින්න හා දරිද්‍රත්වය මුලිනුපුටා දැමීමට හඬනැඟීම උදෙසා ජගත් දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කැරිණි. ඒ අනුව 1981 සිට රටවල් 150 ක් පුරා වාර්ෂික ව වෙනස් වන තේමාවන් යටතේ හුදු තවත් ජගත් දිනයක් ලෙස ඔක්තෝබර් 16 දින ලෝක ආහාර දිනය සමරනු ලැබේ. 2011 වසරේ මෙරට ලෝක ආහාර දිනයෙහි කතිකාවක් ඇති වන මට්ටමේ කටයුත්තක් රජය හා FAO මඟින් සිදු නොකළත් එදින රජරට වකුගඩු රෝගීන් හා ඔවුන් ගේ ඥාතීහු ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කලහ. මේ උද්ඝෝෂණය FAO හි ගෝලීය මෙන්ම ලංකාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ව නැවත සිතා බැලිය යුතු බව අවධාරණය කළෝය. රජ රට ගොවි පවුල්වල වකුගඩු රෝගයට ගොදුරු වී ඇති රෝගීන් හා ඔවුන් ගේ ඥාතීන් ගෙන් සමන්විත ව පැමිණි උද්ඝෝෂකයෝ වකුගඩු රෝගයට සහ ලංකාව පුරා කෘෂිකර්ම සංවර්ධනයට මුවා වී මනුෂත්වයට හා පරිසරයට සිදු කළ අගතියට වහා වන්දි ගෙවන ලෙසට බල කර සිටියහ. ලෝකයේ කුසගින්න සහ දරිද්රත්ව ය මුලිනුපුටා දැමීමට ගෝලීය මට්ටමින් ක්‍රියාකරන ආයතනයකට මෙවැනි චෝදනා එල්ල වීම මේ ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ව පුළුල් ලෙස විමසා බැලිය යුතු බවට ලබා දෙන ඉගියක් වෙයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ක්‍රියාකාරීත්වය දෙසට ද විමර්ශනය යොමු කළ යුතු හේතු මේ උද්ඝෝෂණය කෙරෙන් ම පැන නැඟී තිබේ. රජයක් රටක ආහාර සුරක්ෂිතතාව, ආහාර ස්වෛරීභාවය ඇති කළ යුතු සේ ම, ජනතාව ගේ ද පාරිසරික දේහයන් ගේ ද සෞඛ්‍යවත් බව රැුකීමට කටයුතු කළ යුතු වෙයි. එපමණකින් රජයක වගකීම සීමා නොවන අතර ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය සඳහා සම අවස්ථාවන් ලබා දීම ද, ජාතිය සතු භූමිය රටට සම්පතක් ලෙස කළමනාකරණය කිරීමේ ප්රමුඛ වගකීමක් ද ඊට පැවරෙයි. ලංකාවේ මේ තත්ත්වයන් ගේ ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය සඳහා ලෝක ආහාර දිනයට පසු වදනක් ලෙස මේ සටහන තැබෙයි.
මිහිතලය එක පැහැර වනසන වස විස පිටුදකිමු
”ආහාරය මිනිස් පැවැත්මේ මෙන් ම ආදීනත්වයේ සහ චිරස්තායි පැවැත්මේ කේන්ද්‍රය ද වේ. එය යම් ව්‍යාපාරික බලවේගයක ලාභ ඉපැයීමේ මාර්ගයක් වන්නට ඉඩදිය යුතු නො වේ. එ සේ ම පාරම්පරික හා දේශීය තිරසර ගොවිතැන් ක්‍රම හා විධි මෙන් ම ජෛ විවිධත්වය රැුක ගැනීම ද අත්‍යාවශ්‍ය වේ.” 1996 දී ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දකුණු ආසියාතික ප්‍රකාශය මඟින් පිළිබිඹු කරන ආහාර පිළිබඳ වූ අත්නොහල යුතු මූලධර්ම කිහිපයක් පෙන්වා දී ඇත. ඒවානම් ආහාර මිනිස් පැවැත්මේ කේන්ද්‍රය වන බව හා මානව ඉතිහාසයෙන් වැඩිම කාලයක් ආහාර සැපැයීම යනු ව්‍යාපාරික හෝ ලාභ ඉපයීමේ මාර්ගයක් නො වූ බව ය. එලෙසින් ම ආහාර නිපදවීම සඳහා සොබාදහම තිරසර ක්‍රමවේද හඳුන්වාදී තිබෙන අතර ම සොබාදහමින් අනුහස හඳුනාගත් පාරම්පරික දේශීය දැනුම් පද්ධතියක් ලොවපුරා විසිර තිබූ බව ය. තව ද පෘථීවියේ සත්ත්ව සන්තතියෙන් එක් ජීවියකු වන මිනිසා ගේ ආහාර අවශ්‍යතාවය සඳහා සමස්ත ජෛව පද්ධතිය කෙලෙසා දැමීමේ සාධාරණීකරණය කළ අයිතිය සොබාදහම මඟින් කිසිදා ජෛව කණ්ඩායමකට පවරා නොමැති බවත් ය.
ලොවට ම ආදර්ශයක් ගත හැකි ඉහත ප්‍රතිඥාව අවම වශයෙන් ප්‍රකාශයට පත් කළ දකුණු ආසියාතික රටක ක්‍රියාවට නගා ඇති බවට සලකුණක් තබා ඇති බවක් හෝ පෙනෙන්නට නැත. ලෝකය පුරා ආහාර නිෂ්පාදනයේ දීත් කර්මාන්ත ක්ෂේත්රයේ දීත් බහුල වශයෙන් වස විස යොදා ගන්නා කලාපයක් ලෙස දකුණු ආසියාව පෙරට එමින් සිටීම පමණක් දැක ගත හැකි ය. එහෙත් කලාපයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දකුණු ආසියාතික ප්‍රකාශයට අනුව ක්‍රියා කිරීමට වෙර දරන සිවිල් සමාජ උත්සාහයන් බහුල වෙමින් පැවැතීම විශේෂ කොට සැලැකිය යුතු ය. මේ උත්සාහයන් ලොව පුරා ක්‍රියාත්මක පළිබෝධනාශක පිළිබඳ ක්‍රියාකාරී ජාත්‍යන්තරය :ඡුැිඑසජසාැ ්ජඑසදබ භැඑඅදරන - ඡු්භ* හා වස විසට එරෙහි සෙසු සංවිධාන සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. එය ආහාර මත හලා දමනු ලබන වස විසට එරෙහිව ද මානව සමජය හා පරිසර පද්ධති වස විස මඟින් අගතියේ හෙලීමට එරෙහිව ද ඒ සඳහා විකල්ප ඉදිරිපත් කරමින් ද ක්‍රියාකාරීව සිටී. මේ ක්‍රියාකාරී ජාලය පළිබෝධනාශක විරෝධී ජගත් දිනයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව දෙසැම්බර් 03 වන දින ලොවපුරා රටවල් 90 ක රාජ්‍ය නොවන සංවිධාන හා ප්‍රජා සංවිධාන 600 කට වැඩි ප්‍රමාණයක් වස විසෙන් මානව ප්‍රජාව අනතුරේ හෙලීමට එරෙහිවත් පළිබෝධනාශක හේතුවෙන් රෝගාබාධයන්ට ලක් වූවන් සැමරීමක්, තිරසර කාර්මික හා කෘෂිකාර්මික ක්‍රියාවලියක් උදෙසාත් ඉහත දිනය නිමිති කර ගෙන ලොවපුරා හඬනඟනු ලබයි.

Subscribe to:
Comments (Atom)